හසලක වස්ගමුව මාර්ගයට සමාන්තරව ගලන ඇලට හෙට්ටිපොළ නැමති ප්‍රදේශයේදී, මීමුරේ ප්‍රදේශයේ සිට ගලා බසින හීංගග තරණය කිරීම සිදු වේ. මේ සදහා එම ඉදිකිරීම සැලසුම් කල ශිල්පීන් විශේෂ උපක්‍රමයක් භාවිත කර ඇත. එනම්, හීන් ගඟ හරහා ඉදිකරණ පාලමක් මතින් මෙම මිණිපේ වම් ඉවුරු ඇළේ ජලය ගෙනයාමටයි. නමුත්, මෙම ස්ථානයෙන් හසලක නගරයට ගමන් කළ හැකි මාර්ගයත් වැටී ඇති නිසා ජලය ගෙනයාමටත් ගමනාගමනයටත් එකම පාලම යොදා ගැනීමට සැලසුම් කර ඇත. එබැවින්,පාලම තුළින් ඉදි කරන ලද කොන්ක්‍රිට් බට දෙකක් මගින් මෙම ජලය හීංගග තරණය කර හසලක දෙස සිට හෙට්ටිපොළ දෙසට ගෙන යන ලදී. මෙහි දිග අඩි 600ක් වන අතර බට දෙකෙහි පළල අඩි 7ක් සහ උස අඩි 5.5ක් පමණ වේ. මෙය හෙට්ටිපොල ගිණිපෙට්ටි පාලම ලෙසද හැදින්වේ. මේ සුවිශේෂී පාලම 1969 මාර්තු මස 3 වැනි දින එවකට අගමැති වූ ගරු ඩඩ්ලි එස්. සේනානායක මැතිතුමන් විසින් ජනතා අයිතියට පත් කර ඇත.
සංචාරක ආකර්ෂණ ස්ථාන
මිණිපේ ප්‍රාදේශීය සභාව
අප අමතන්න
මිණිපේ ප්‍රාදේශීය සභාව,
හසලක
ශ්රී ලංකාව
psminipe@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 552 257767
WhatsApp
Facebook