සභා ලේකම්වරියගේ පණිවිඩය

මිණිපේ ප්‍රාදේශීය සභාව

නව රජයක් යටතේ නව දර්ශනයකින් ,නව චින්තනයකින් ජාතික අපේක්ෂාවන් ඉටු කිරීමෙහිලා වෙන කවරදාටත් වඩා කැපවිය යුතු කාලයකි මේ එලඹ ඇත්තේ . “පොහොසත් රටක් -  ලස්සන ජීවිතයක්” යන්න තේමා කොටගත් ඉදිරි සංවර්ධනාත්මක සැලසුම් ක්‍රියාවට නැංවීමේදී , සමාජ සහයෝගීතාවය තුළින් සමාජ බල ගැන්වීමේ අවශ්‍යතාවය ප්‍රමුඛ වගකීමකි.  

එහිදී පළාත් පාලන ආයතන පද්ධතිය සවිමත් කරමින් සමාජ අපේක්ෂාවන් ඉටු කිරීමෙහිලා ,පවත්නා සීමිත මූල්‍ය හා භෞතික සම්පත් ඵලදායී ලෙස භාවිතයට ගැනීම සඳහා වූ රාජ්‍ය ප්‍රතිපත්තිය හා  සමපාත කිරීමත් , ගෝලීය තිරසාර සංවර්ධන දර්ශක  පිළිබඳව අවධානය යොමු කිරීමත් අවශ්‍ය වන්නේ ය .

මෙතෙක් මිණිපේ බල ප්‍රදේශය තුළ නො විසදී පවත්නා ගැටලු ගණනාවක් කෙරෙහි පූර්ණ අවධානය යොමු කිරීමටත් , අදාළ ගැටලු සම්බන්ධයෙන්   ග්‍රාමීය මට්ටමේ සිට පුළුල්  කතිකාවක් ඇති කරමින් රාජ්‍ය මට්ටමේ අවධානයට ලක් කරවීම තුළින් ප්‍රමුඛතා පදනම් ව සාධනීය මැදිහත් වීමක් ලබා ගැනීමට දැඩි උත්සහයක් ගත යුතුව පවතී. මහජන සේවා ඉටු කිරිමට ක්‍රමෝපායන් සැකසිය යුතු ය.

තවද, නව ආදායම් උත්පාදන ක්‍රමවේදයක් කෙරෙහි යොමුවීම අත්‍යවශ්‍ය වන අතර ම මෙම බල ප්‍රදේශයට ආවේණික වූ කාලගුණික හා දේශගුණික තත්වයන් සැලකිල්ලට ගනිමින් සහ අභියෝගයන් නිසි ලෙස  අධ්‍යනය කරමින් සහ නිරන්තර සමාලෝචනය  කීරිමෙන් සපුරාගත හැකිවූ ඉලක්කවලට වඩා ,සම්පූර්ණ කර ගත නොහැකි වූ කාර්යයන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමටත් , නවීන තාක්ෂණය හා බද්ධ ව පළාත් මායිමෙන් ඔබ්බට මිණිපේ ආගමික, සමාජයීය, සංස්කෘතික හා පාරිසරික උරුමයන්, අගයන් , වටිනාකම්  ගෙන යාමට මෙය ප්‍රවේශයක් වනු ඇතැයි විශ්වාස කරමි.

.

Related Articles

සභාපතිතුමාගේ පණිවිඩය