මිනිපේ ප්‍රාදේශීය සභාවේ ඉතිහාසය

හසලක, ශ්‍රී ලංකාව

1987 අංක 15 දරන ප්‍රාදේශිය සභා පනත යටතේ ප්‍රාදේශිය සභා ස්ථාපිත කරන ලද අතර එය පළාත් පාලන ආයතනයක් /ප්‍රාදේශිය ආණ්ඬුවක් ලෙස යම් කිසි නිශ්චිත නාගරික හෝ ග්‍රාමීය ප්‍රාදේශයක පරිපාලනය හා සංවර්ධනය අරමුණු පදනම් කොටගෙන ක්‍රියාත්මක විය.

මෙහි විශේෂත්වය වන්නේ, ඒවා නීතිමය පද්ධතියක් තුළ ක්‍රියාත්මක වීමයි. මධ්‍යම රජයට හා පළාත් සභාවලට ප්‍රාදේශිය සභා ආයතනවල අධීක්ෂණ බලතල පවරා ඇතත්, එම අධීක්ෂණ කටයුතු කළ හැකි වන්නේ නීතියෙන් පැවරි ඇති සීමාවන්ට පමණි. මෙහිදී ප්‍රාදේශිය සභා ක්‍රියාවලිය ක්‍රියාත්මක වන්නේ, රාජ්‍ය ප්‍රතිපත්ති හා පළාත් පාලන ආයතනවලට අණ පණත් වලින් පැවරි ඇති බලතල යටතේ නීතිමය ව්‍යුහවලට අනුකුලවය.

ප්‍රාදේශිය සභා දැක්ම 1987 අංක 15 දරන පනත තුළ අන්තර්ගතයට අනුව, එය "පරිපාලන සහ සංවර්ධන කටයුතුවලට අදාළව තීරණ ගැනීමේ ක්‍රියාවලියෙහි ජනතාව පළාත් මට්ටමින් ඵලදායි ලෙස සහභාගි විම සඳහා වැඩි අවස්ථා සලසා දිමේ අරමුණු ඇතිව ප්‍රාදේශිය සභා පිහිටු විම සඳහා ද එම සභාවල බලතල කාර්යයන් සහ කර්තව්‍යයන් නිශ්චය කිරිම සඳහාද වු පනතකි”.

ප්‍රාදේශිය සභා වෙත පැවරි ඇති බොහෝ  කාර්යයන් හා වගකීම් හා බලතල පැවරි ඇත්තේ, සංවර්ධන සහ සුභසාධන  විෂය ක්ෂේත්‍රයට ය. මෙම සංවර්ධන කාර්යය ප්‍රාදේශිය මට්ටමෙන් පොදු පරිපාලන, මහජන උපයෝගීතා සේවා, මහජන සෞඛ්‍ය සේවා, භෞතික සැලසුම් , මංමාවත්, ඉඩම් හා ගොඩනැගිලි, ජල සේවා, සුභ සාධක සේවා පහසුකම් සහ කසල කළමනාකරණය  යන ක්ෂේත්‍ර ගණනාවකට විහිදි ඇත.

මෙම පරිපාලනය සහ සංවර්ධන කටයුතු සිදු කිරීම මධ්‍යම රජයේ ප්‍රතිපාදන, පළාත් සභා අරමුදල්, වරිපනම්, බඳු මුදල් හා දේශිය ණය සංවර්ධන අරමුදලින් ණය හා මීට අමතරව රාජ්‍ය නොවන සංවිධාන වලින් ලැබෙන ආධාර යටතේ සිදු වේ. මෙහිදි  ප්‍රාදේශිය සභාව විසින් යෝග්‍ය වන්නේ යැයි අදහස් කරනු ලබන පරිදි තම බලතල විෂය ක්ෂේත්‍රය තුළ ක්‍රියාත්මක කිරිමට හැකියාව තිබුණි. එසේ වුවත් මෙම ප්‍රාදේශිය සභා ස්වාභිමානය දෙයාකාරයකින් සීමා වි තිබේ.

යම් සේවාවක් තමන් කැමති ආකාරයට ප්‍රවර්ධනය කිරිමට අවශ්‍ය සාමාන්‍ය බලතල ප්‍රාදේශිය සභා සතු නොවේ. ප්‍රාදේශිය සභාවට හිමිවන්නේ   නියමිත වුත් ,සීමිත වුත් ව්‍යවස්ථාපිත බලතල පමණි.  තවද ඒවා මධ්‍යම හෝ දෙවැනි පෙළ ආණ්ඩු විසින් පාලනය කරනු ලබයි. එසේ වුවත් රැකියා ප්‍රවර්ධන, ආදායම් ඉපැයිම හා ප්‍රාග්ධන ආයෝජනය යන කරුණු සලකා බලන විට ප්‍රාදේශිය සභාවට වැඩි බලතල ප්‍රමාණයක් පවරා දී තිබෙන බව හදුනා ගත හැකිවේ.

ගම් සභා පාලන ක්‍රමයක් යටතේ පැවති මිණිපේ ප්‍රාදේශීය සාභාව 1990.04.20 වන දින  මිණිපේ ප්‍රාදේශීය ලේකම් සහ ප්‍රාදේශීය උප දිසාපති, පළාත් පාලන කොමසාරිස් වරයා වූ ඒ.ඇමි.ආර්.බී.අබේසිංහ මැතිතුමාගේ ආරාධනය පරිදි  එවකට මධ්‍යම පළාතේ   මහ ඇමති වූ  ඩබ්.එම්.පී.බී.දිසානායක මැතිතුමන් විසින් සහ මහනුවර දිස්ත්‍රික්   පාර්ලිමේන්තු සහ පළාත් සභා මන්ත්‍රීවරුන් ගේ   සහභාගීත්වයෙන් මිණිපේ ප්‍රාදේශීය සභා ගොඩනැගිල්ල ඉදිකර නව බහු කාර්යාල ගොඩනැගිල්ල ස්ථාපිත කිරීමට කටයුතු කරන ලදි.

පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක පුර නැඟුම ව්‍යාපෘතියේ ප්‍රතිපාදන හා මිණිපේ ප්‍රාදේශීය සභා අරමුදල් යොදවා මිණිපේ ප්‍රාදේශීය සභා බහුකාර්ය ගොඩනැගිල්ල ඉදිකිරීමට  2014.03.23 වන ආරම්භ විය .  රුපියල්  59,078,700.00 ක මුදලක් වැයකර ඉදිකරන ලද බහුකාර්ය  ගොඩනැගිල්ල    2017.08.11 වන දින ජනතා අයිතියට පත් කර ඇත.

 

මිණිපේ ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරු

අනු අංකය

ගරු සභාපතිවරුන්

සේවා කාලය

01

දොන් නන්දසේන කන්නංගර මයා

1991.06.07

02

එම්.වයි.ජී.එන්.කරුණාතිලක මයා

1997.04.08

03

එච්.ජී.සේරසිංහ මයා

2002.04.09

04

එබ්.ඒ.වීරසුරිය මයා

2006.04.10

05

එබ්.ඒ.වසන්ත ජයසුන්දර මයා

2011.03.28

06

ඒ.එම්.එස්.බී.අබේසිංහ මයා

2018.03.22

 

මිණිපේ ප්‍රාදේශීය සභාවේ හිටපු ලේකම්වරු

අනු අංකය

නම

තනතුර

සේවා කාලය

01

කේ.ජී.ජිනදාස මයා

ලේකම්

1997.01.01

1998.03.01

02

ඒ.ඒ.වීරසිංහ මයා

ලේකම් (වැ.බ.)

1998.03.02

1998.12.10

03

එච්.බී.අලහකෝන් මයා

ලේකම්

1998.12.11

1999.07.01

04

ඊ.එම්.එස්.එදිරිසිංහ මිය

ලේකම්(වැ.බ.)

1999.07.02

2000.12.20

05

ඒ.ඒ.වීරසිංහ මයා

ලේකම් (වැ.බ.)

2001.01.04

2007.12.20

06

කේ.එම්.සුජාතා කුමාරිහාමි මිය

ලේකම්

2007.12.04

2008.04.01

07

ඊ.එම්.එම්.සී.බී.ඒකනායක මයා

ලේකම්

2008.05.01

2010.07.15

08

ඩී.එම්.සී.අයි.දිසානායක මයා

ලේකම්

2010.07.15

 

09

ඊ.එම්.එම්.සී.බී.ඒකනායක මයා

ලේකම්(වැ.බ.)

2008.05.01

2010.07.15

10

ඩබ්.ජී.ඩී.කේ.වික්‍රමසිංහ මිය

ලේකම්

2015.10.09

2018.02.20

11

ඒ.එම්.සී.කේ.අබේසිංහ මෙනවිය

ලේකම්(වැ.බ.)

2018.02.21

2018.09.27

12

ඩබ්.ජී.ඩී.කේ.වික්‍රමසිංහ මිය

ලේකම්

2018.09.28

2019.03.21

13

ආර්.එස්.සිසිර කුමාර මයා

ලේකම්

2019.03.21

2023.04.04

14

එච්.එම්.එන්.චන්ද්‍රසිරි මයා

ලේකම්(වැ.බ.)

2023.04.04

2025.07.18

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Related Articles

සංචාරක ආකර්ෂණ ස්ථාන

මිණිපේ ප්‍රාදේශීය සභාව

අපගේ කාර්ය මණ්ඩලය