භාගත කිීරීම්
1. අයදුම්පත්‍ර ආකෘති
මිණිපේ ප්‍රාදේශීය සභාව හා කටයුතු කිරීමේ දී ඔබට අවශ්‍ය වන්නා වූ අයදුම්පත්‍ර මේ හරහා භාගත කිරීම හැකියාව අපි ඔබට ලබා දෙන්නෙමු.
අයදුම්පත් මෙමඟින් ලබා ගෙන අප වෙත ඉදිරිපත් කිරීමේ දී පහත ක්‍රමවේද අනුගමනය කරන්න
අයදුම්පත ලබා ගැනීමේ සහ ඉදිරිපත් කිරීමේ ක්‍රමය:
- අයදුම්පත බාගත කරන්න.
- අයදුම්පත නිසි පරිදි සම්පූර්ණ කර අත්සන් යොදන්න
- ඔබ පූර්ව පරික්ෂා කිරීමක් අපේක්ෂා කරන්නේ නම් පමණක් අදාළ අයදුම්පත්‍රය සියලු ම ලියකියවිලි සමඟ PDF ගොනුවක් ලෙස සකස් කර, PDF ගොනුව අප වෙත යොමු කරන්න.
- ඔබ ඉදිරිපත් කරන ලියවිල්ලේ මුල් පිටපත තැපැල් මාර්ගයෙන් හෝ සභාවට පැමිණ භාර දිය යුතුය.
මෙම ක්‍රියාවලිය මගින් ඔබ සභාවට පැමිණෙන වාර ගණන අවම කරමින් ඔබේ කාලය සහ මුදල් ඉතිරි කළ හැක
2. චක්‍රලේඛ හා ගැසට් පත්‍ර
ඔබට අවශ්‍ය චක්‍රලේඛ හා ගැසට් පත්‍ර පහත සබැඳි ඔස්සේ භාගත කිරීමේ හැකියාව පවතියි.
| විස්තරය | සිංහල | දෙමළ | ඉංග්‍රීසි |
|---|---|---|---|
| 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත | |||
| 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත පිළිබද වු ගැසට් පත්‍රය |
3. පුරවැසි ප්‍රඥප්තිය
අපගේ සේවය සඳහා ඔබ විසින් කරනු ලබන ඉල්ලීම්
- යුක්ති සහගත සහ සාධාරණ ලෙසත්
- නියමිත කාලය තුළදීත්
- අංග සම්පූර්ණ හා නිවැරදි ලෙසත්
- විධිමත් ආයතනික ප්‍රවේශයන් ඔස්සේත්
අප වෙත යොමු කළ යුතු වේ.
ඒ් සඳහා අවශ්‍ය වන්නා වූ මූලිකාවබෝධයත් සහ ප්‍රවේශයක් ඔබ වෙත ලබා දීම මෙම පුරවැසි ප්‍රඥප්තිය මඟින් සිදු කර ඇත. අපගෙන් අපේක්ෂා කළ හැකි හා අපේක්ෂා කළ නො හැකි දේ පිළිබඳ ප්‍රමාණවත් අවබෝධයක් ඔබ සතුව පැවතීම මගින් අපගේ කාර්යය ඵල ඉහළ නැංවෙනු ඇතැයි අප විශ්වාස කරන්නෙමු. පුරවැසි ප්‍රඥප්තිය වනා හී අප විසින් සපයනු ලබන සේවාවන්ගේ ගුණාත්මක භාවය වැඩි දියුණු කිරීම සඳහා ඔබත් අපත් එක්ව දරන ඒකාබද්ධ ප්‍රයත්නයකි.
මෙම පුරවැසි ප්‍රඥප්තිය යටතේ ලබාදෙන සේවාවන් නිරතුරුව සංශෝධනය කිරීමට සහ වැඩි දියුණු කිරීමට අපි බැඳී සිටිමු.!
4. සම්පත් පැතිකඩ
- 2023 මිණිපේ ප්‍රාදේශීය සභාවේ සම්පත් පැතිකඩ (MS Excel) බාගන්න: සිංහල | දෙමළ | ඉංග්‍රීසි