මාර්ගගත ගෙවීමේ පහසුකම
මිණිපේ ප්‍රාදේශීය සභාව
අපගේ සංචාරක ආකර්ෂණ ස්ථාන
මිණිපේ යෝධ ඇළ ව්‍යාපාරය සහ මිණිපේ අමුණ
ක්‍රි.ව 459 සිට ක්‍රි.ව 473 දක්වා ලංකාවේ රජ කළ ධාතුසේන රජතුමා විසින් කරවන ලද කලා වැව ආදී වාරි නිර්මාණ අතරින් මිණිපේ ඇළ මාර්ගය අද දක්වාම පවතින විශිෂ්ඨ නිර්මාණයක් බවට ඉතිහාසය සාක්ෂි දරයි. මෙතුමා විසින් මහවැලි නදියේ වම් ඉවුරේ ස්ථානයක කුඩා අමුණක් බැද ජලය හරවා සැතපුම් 17ක් (27Km පමණ) දිගට මිණිපේ ඇළ කරවූ බව මහාවංශයේ සදහන් වේ. උමා ඔය හා මහවැලි ගග එක්වන ස්ථානයට කිලොමීටර් තුනක් පමණ පහළින් පිහිටි ස්ථානයක ඉදිකල මණිමේඛලා නම් මේ අමුණේ නටඹුන් අදටත් දක්නට ලැබේ. සමහර මූලාශ්‍ර වල පබ්බත ඇළ නමින්ද යක්ඛ ගෝත්‍රිකයන් විසින් ඉදිකරන ලද බැවින් යකුන් බැඳි ඇළ ලෙසින්ද මිණිපේ ඇළ හදුන්වන ලදි.
ක්‍රි.ව. 564 හා 598 අතර කාලයේ මෙරට පාලනය කළ 1වන අග්ගබෝධි රජතුමා විසින් මිණිපේ ඇළ මාර්ගය ප්‍රති සංස්කරණය කර ඇති අතර, ක්‍රි.ව. 853 හා 887 අතර කාලයේ මෙරට පාලනය කළ දෙවැනි සේන රජතුමා විසින් මිණිපේ ඇළ මාර්ගය සැතපුම් 47ක් (74Km ක් පමණ) දක්වා ඇළ ඉදිකර කුඹුරු කරවූ බව මහාවංශය සදහන් කරන ලදි. නමුත්, මිණිපේ අමුණ මෑත කාලයේ සිදුකරන ලද ප්රතිසංස්කරණයන්ගෙන් අනතුරුව මේ අයුරින් දක්නට ලැබේ.
හීංගඟ අමුණ
හසලක වස්ගමුව මාර්ගයට සමාන්තරව ගලන ඇලට හෙට්ටිපොළ නැමති ප්‍රදේශයේදී, මීමුරේ ප්‍රදේශයේ සිට ගලා බසින හීංගග තරණය කිරීම සිදු වේ. මේ සදහා එම ඉදිකිරීම සැලසුම් කල ශිල්පීන් විශේෂ උපක්‍රමයක් භාවිත කර ඇත. එනම්, හීන් ගඟ හරහා ඉදිකරණ පාලමක් මතින් මෙම මිණිපේ වම් ඉවුරු ඇළේ ජලය ගෙනයාමටයි. නමුත්, මෙම ස්ථානයෙන් හසලක නගරයට ගමන් කළ හැකි මාර්ගයත් වැටී ඇති නිසා ජලය ගෙනයාමටත් ගමනාගමනයටත් එකම පාලම යොදා ගැනීමට සැලසුම් කර ඇත. එබැවින්,පාලම තුළින් ඉදි කරන ලද කොන්ක්‍රිට් බට දෙකක් මගින් මෙම ජලය හීංගග තරණය කර හසලක දෙස සිට හෙට්ටිපොළ දෙසට ගෙන යන ලදී. මෙහි දිග අඩි 600ක් වන අතර බට දෙකෙහි පළල අඩි 7ක් සහ උස අඩි 5.5ක් පමණ වේ. මෙය හෙට්ටිපොල ගිණිපෙට්ටි පාලම ලෙසද හැදින්වේ. මේ සුවිශේෂී පාලම 1969 මාර්තු මස 3 වැනි දින එවකට අගමැති වූ ගරු ඩඩ්ලි එස්. සේනානායක මැතිතුමන් විසින් ජනතා අයිතියට පත් කර ඇත.
18 වංගුව මාර්ගය
මහියංගනය සිට මහනුවරට පහසුවෙන් ගමන් කළ හැකි පරිදි මීටර් 8.5ක් පමණ පළලින් යුතු දහ අට වංගුව මාර්ගය ඉදිකර ඇත. පාලම් 10 ක් සහ බෝක්කු 37ක් සහ කුඩා බෝක්කු 320කින් සමන්විත මෙම මාර්ගයේ බෑවුම අධික ස්ථාන වල කොන්ක්‍රීට් පැතිබැමිවලින් සවිමත් කර ඇත. සෑම වංගුවක ම දර්පන සවිකිරීමෙන් රියදුරන්ට ඉදිරියෙන් එන වාහන දැක ගැනීමට සලස්වා තිබේ. වනජීවී අමාත්‍යාංශයට අයත් වනාන්තරවලින් කිලෝමීටර් 18.2 ක් ද, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් භුමිවලින් කිලෝමීටර් 4.4 කට අයත්වන අයුරින් මෙම මාර්ගය නිර්මාණය කර ඇත. මාර්ග ප්රතිසංස්කරණයෙන් පසු ඒ හරහා පැය එකහමාරකින් මහියංගනයට ගමන් කිරීමේ හැකියාව ලැබී තිබේ.
රත්න ඇල්ල දිය ඇල්ල
රත්න ඇල්ල නම් ඉතා සුන්දර කොමළිය හසලක රත්න-ඇල්ල ගමේ පිහිටා ඇත. මහියංගනය නගරයේ සිට නුවර පාරේ හසලක නගරයට පැමිණ එතැන් සිට කිලෝමීටර කිහිපයක් දුරින් පිහිටි මෙය මහනුවර මහියංගනය මාර්ගයටද දර්ශනය වේ. මෙය නකල්ස් කදු කදුකරයේ සිට පැමිණෙන හසලක ඔයෙන් පෝෂණය වන ඉතාම චමත්කාර ජනක ස්ථානයකි. උස අතින් ගත් කල මෙම දිය ඇල්ලට ලංකාවේ උසම දිය ඇලි ලැයිස්තුවේ 10 වන ස්ථානය හිමි වන අතර, උසින් මීටර 101 පමණ වේ. මෙහි අවට වට පිටාවද අතිශය සුන්දරය. රත්න ඇල්ල ඉතිහාසය පැරණි රාවණා යුගය දක්වා ඇදී යන්නකි. එහිදී රාවණා රජු මෙම ප්‍රදේශයේ සීතා කුමරිය සමග විසූ බව ජනප්රවාදයේ සදහන් වේ. එහිදී රාවණා රජු සීතා සමග මෙම දිය ඇල්ල ප්‍රදේශයේ දිය කෙලියේ යෙදුනු බවද කියැවේ.
සීතා කොටුව
මහනුවර – මහියංගණ මාර්ගයේ ගුරුළුපොත කඩමණ්ඩියට පහළින් පිහිටි මහ වනයේ මෙම ඓතිහාසික සීතා කොටුව නම් ස්ථානය පිහිටා තිබේ. අශෝක ගස්වලින් ගහනවූ මෙම ප්‍රදේශය හරහා ගලා බසින ජල මාර්ගයට වම් පසින් පිහිටි ගල් පඩි පෙළක්, ගොඩනැඟිලි කිහිපයක අත්තිවාරම් කිහිපයක්, කොරවක් ගලක් ඇතුළු නටබුන් සමූහයක් සහ ගල් ලෙනක් වර්තමානයේ මෙහි දැකගත හැකිය. ජල මාර්ගයේ සැඟවී ගිය ගුහාවක් මඟින් මාලිගාවකට පිවිසිය හැකි බවත්, මේ වන විට එම ගුහා විවරය වැසී ගොස් තිබෙන බවත් ජනප්‍රවාදයන් මඟින් පැවැසේ. සීතා කොටුව හා සම්බන්ධ ඉතිහාසය පූර්ව ඵෙතිහාසික යුගය දක්වාම එනම්, රාවණ රාජ්‍ය සමය තෙක් ඈත අතීතයට විහිද යන්නකි. තම රූමත් නැඟණියට රාමාගේ අනුදැනුම ඇතිව ලක්ෂ්මණයන්ගෙන් සිදු වූ අමානුෂික දඬුවම වෙනුවෙන් පළිගැනීමක් ලෙස රාමාගේ රූමත් බිරිය වූ සීතාවන් පැහැරගෙන පැමිණි රාවණ රජු ඇය දිගු කලක් නිවාස අඩස්සියෙහි රඳවා තැබූ ස්ථානය සේ සැලකෙන්නේ හසලක ගුරුළුපොත ආසන්නයේහි පිහිටා ඇති සීතාකොටුව නමැති ස්ථානයේ බව සඳහන් වේ. ඊට සීතා කොටුව ලෙස නම පටබැඳී ඇත්තේද සීතාවන් කොටු කර තැබූ (හිර කර තැබූ) ස්ථානය යන නාමය පාදක කරගනිමින් බවද ඇය සීතා කොටුවට ගෙන යෑමට පෙර දණ්ඩකාරණය්යයේ සිට පැහැරගෙන පැමිණි ප්‍රථම ස්ථානය මිනිපේ ආසන්නයේ පිහිටි සීතා වාඩිය බැව් ජනප්රවාදයේ පවති. සීතාව පැහැරගත් රාවණ රජු එම ස්ථානයටම පැමිණීමට බලපෑ හේතූන් හා එතුමන් සමඟ ගුරුළුපොත සීතා කොටුව අතර පැවැති සබඳතාව කුමක්දැයි විමසා බැලිය යුක්තක් බව මොරයායේ ධර්මසේන මහවල විසින් රචනා කරන ලද “උඩදුම්බර හා මිණිපේ විත්ති” ග්‍රන්ථයේ සඳහන්ව ඇත.
සිංහල රජ සමයේ කිරිපට්ටිය නමැති ගමේ විසූ දිරිය කාන්තාවක විසින් ඉදිකරනු ලැබූ උඩදුම්බර මහ වනයේ ගල් පඩි හෙළ චෛතිහාසික වටිනාකමකින් යුත් ස්ථානයකි. මහියංගණ සෑ මළුවේ සිට බටහිර දෙස බලන විට ප්‍රථමයෙන්ම නෙත ගැටෙනුයේ දැවැන්ත කඳු වළල්ලකි. නකලස් කඳු පද්ධතියට අයත් මෙම කඳුපෙළ හඳුන්වනු ලබන්නේ කොස්ගොල්ල නැතහොත් කතරැල්ලා කන්ද නමිනි. මේ නකල්ස් කඳු පද්ධතිය පුරාවටත් දුම්බර මහ වනය පුරාවටත් විහිදී ඇත්තේ ඵෙතිහාසික බවින් අනූන වූ පුරාවෘත්තයන්ය. මේ පුරාවෘත්තයන් බොහෝමයක් අද ජන වහරට පමණක් සීමා වී ඇති අතර බොහෝ පුරාවෘත්ත වනයට යට වෙමින් ජාතියට අහිමි වෙමින් යන තත්ත්වයක් දක්නට ලැබේ. මේ පුරාවෘත්ත අතර මහ වනයේ කඳුකරය හරහා සිය සැමියාට ආහාර රැගෙන එන අතරේ සිය ගමන් පහසුව සඳහා දිරිය කාන්තාවක විසින් ඉදිකරනු ලැබූ ගල් පඩි 2000කින් පමණ සමන්විත ගල් පඩි පෙළත් සමඟ ඓතිහාසික පා ගමන් මාර්ගයක් අද ජාතියට අහිමි වෙමින් මහ වනයට යටවෙමින් පවතින බව පෙනේ. උඩදුම්බර කිරිපට්ටිය ගමේ විසූ බුලතා නමැති තරුණ ගොවියාගේ (පසු කාලීනව දුටුගැමුණු රජුගේ අමාත්‍ය මණ්ඩලයේ වාරිමාර්ග අමාත්‍යවරයා වූ බුලතා යෝධයා යැයි හඳුන්වන) බිරිය වන්නේ කළු එතනා නමැති තරුණියයි. ඇය තනිවම මෙම ගල් පඩි හෙළ නමැති කඳුකර පා ගමන් මාර්ගය ඉදිකළ බව වංශ කතාවල මෙන්ම ජන වහරයේ සදහන් වේ. බුලතා යෝධයාගේ බිරිඳ දක්ෂ කඩිසර කාන්තාවකි. ඇයගේ මේ දක්ෂතාව සහ කඩිසරකම නිසාම එවකට මහියංගණයේ විසූ දුටුගැමුණු රජුගේ මෑණියන් වන විහාරමහාදේවිය දුටුගැමුණු රජු විසින් ප්‍රතිසංස්කරණය කරන ලද මහියංගණ මහ සෑයේ චෛත්‍යයේ කොත පලන්දන අවස්ථාවට සහ බුලතා විසින් තනිවම ඉදිකරනු ලැබූ සොරබොර වැව ජාතියට දායාද කරන අවස්ථාවට එක්වෙමින් ගල් පඩි හෙළ නමැති පා ගමන් මාර්ගය සෑදූ බුලතා නමැති යෝධයාගේ බිරිය වන කළුඑතනා හට බින්තැන්නේ වීර මාතා යන ගෞරව නාමය පිරිනමන බව පවසා තිබේ. මීට අමතරව වීරෝදාර අඹුසැමි යුවළ සිදුකරන ලද ජාතික මෙහෙවර අගයමින් මෙම යුවළට කිරිපට්ටිය නමැති ගමත් බුලත්වැල්කඳුර ප්‍රදේශයත් ඇතුළත් ගම්මාන සියල්ල ගම්වර වශයෙන් පිරිනමා ඇත.
යහන්ගල
ජනප්‍රවාදයන්ට අනුව, යහන්ගල නම් කඳුකර ප්‍රදේශයේ ගලේ බණ්ඩාර දෙවියෝ වැඩ සිට ඇති බවත්, උඩගලදබොක්ක හා අවට ගම්මාන වලට අවශ්‍ය ආයුධ ලබා දී කුඹුරු ගොවිතැන සශ්‍රීක කිරීමට උපකාර කර බවත් විශ්වාසයන් පවති. රාම රාවණා යුද්ධය ලකේගල හා රැහැස්ස අතර පැවතුණ නිසා රාවණා රජුගේ දේහය යහන්ගල ඇතුළේ තැන්පත් කර ඇති බව උපකල්පනය කරේ.
1987 අංක 15 දරන ප්‍රාදේශිය සභා පනත යටතේ ප්‍රාදේශිය සභා ස්ථාපිත කරන ලද අතර එය පළාත් පාලන ආයතනයක් /ප්‍රාදේශිය ආණ්ඬුවක් ලෙස යම් කිසි නිශ්චිත නාගරික හෝ ග්‍රාමීය ප්‍රාදේශයක පරිපාලනය හා සංවර්ධනය අරමුණු පදනම් කොටගෙන ක්‍රියාත්මක විය.
මෙහි විශේෂත්වය වන්නේ, ඒවා නීතිමය පද්ධතියක් තුළ ක්‍රියාත්මක වීමයි. මධ්‍යම රජයට හා පළාත් සභාවලට ප්‍රාදේශිය සභා ආයතනවල අධීක්ෂණ බලතල පවරා ඇතත්, එම අධීක්ෂණ කටයුතු කළ හැකි වන්නේ නීතියෙන් පැවරි ඇති සීමාවන්ට පමණි. මෙහිදී ප්‍රාදේශිය සභා ක්‍රියාවලිය ක්‍රියාත්මක වන්නේ, රාජ්‍ය ප්‍රතිපත්ති හා පළාත් පාලන ආයතනවලට අණ පණත් වලින් පැවරි ඇති බලතල යටතේ නීතිමය ව්‍යුහවලට අනුකුලවය.
ප්‍රාදේශිය සභා දැක්ම 1987 අංක 15 දරන පනත තුළ අන්තර්ගතයට අනුව, එය "පරිපාලන සහ සංවර්ධන කටයුතුවලට අදාළව තීරණ ගැනීමේ ක්රියාවලියෙහි ජනතාව පළාත් මට්ටමින් ඵලදායි ලෙස සහභාගි විම සඳහා වැඩි අවස්ථා සලසා දිමේ අරමුණු ඇතිව ප්‍රාදේශිය සභා පිහිටු විම සඳහා ද එම සභාවල බලතල කාර්යයන් සහ කර්තව්‍යයන් නිශ්චය කිරිම සඳහාද වු පනතකි”.
ප්‍රාදේශිය සභා වෙත පැවරි ඇති බොහෝ කාර්යයන් හා වගකීම් හා බලතල පැවරි ඇත්තේ, සංවර්ධන සහ සුභසාධන විෂය ක්ෂේත්රයට ය. මෙම සංවර්ධන කාර්යය ප්‍රාදේශිය මට්ටමෙන් පොදු පරිපාලන, මහජන උපයෝගීතා සේවා, මහජන සෞඛ්‍ය සේවා, භෞතික සැලසුම් , මංමාවත්, ඉඩම් හා ගොඩනැගිලි, ජල සේවා, සුභ සාධක සේවා පහසුකම් සහ කසල කළමනාකරණය යන ක්ෂේත්‍ර ගණනාවකට විහිදි ඇත.
මෙම පරිපාලනය සහ සංවර්ධන කටයුතු සිදු කිරීම මධ්‍යම රජයේ ප්‍රතිපාදන, පළාත් සභා අරමුදල්, වරිපනම්, බඳු මුදල් හා දේශිය ණය සංවර්ධන අරමුදලින් ණය හා මීට අමතරව රාජ්‍ය නොවන සංවිධාන වලින් ලැබෙන ආධාර යටතේ සිදු වේ. මෙහිදි ප්‍රාදේශිය සභාව විසින් යෝග්‍ය වන්නේ යැයි අදහස් කරනු ලබන පරිදි තම බලතල විෂය ක්ෂේත්රය තුළ ක්‍රියාත්මක කිරිමට හැකියාව තිබුණි. එසේ වුවත් මෙම ප්‍රාදේශිය සභා ස්වාභිමානය දෙයාකාරයකින් සීමා වි තිබේ.
යම් සේවාවක් තමන් කැමති ආකාරයට ප්‍රවර්ධනය කිරිමට අවශ්‍ය සාමාන්‍ය බලතල ප්‍රාදේශිය සභා සතු නොවේ. ප්‍රාදේශිය සභාවට හිමිවන්නේ නියමිත වුත් ,සීමිත වුත් ව්‍යවස්ථාපිත බලතල පමණි. තවද ඒවා මධ්‍යම හෝ දෙවැනි පෙළ ආණ්ඩු විසින් පාලනය කරනු ලබයි. එසේ වුවත් රැකියා ප්‍රවර්ධන, ආදායම් ඉපැයිම හා ප්‍රාග්ධන ආයෝජනය යන කරුණු සලකා බලන විට ප්‍රාදේශිය සභාවට වැඩි බලතල ප්‍රමාණයක් පවරා දී තිබෙන බව හදුනා ගත හැකිවේ.
ගම් සභා පාලන ක්‍රමයක් යටතේ පැවති මිණිපේ ප්‍රාදේශීය සාභාව 1990.04.20 වන දින මිණිපේ ප්‍රාදේශීය ලේකම් සහ ප්‍රාදේශීය උප දිසාපති, පළාත් පාලන කොමසාරිස් වරයා වූ ඒ.ඇමි.ආර්.බී.අබේසිංහ මැතිතුමාගේ ආරාධනය පරිදි එවකට මධ්‍යම පළාතේ මහ ඇමති වූ ඩබ්.එම්.පී.බී.දිසානායක මැතිතුමන් විසින් සහ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු සහ පළාත් සභා මන්ත්‍රීවරුන් ගේ සහභාගීත්වයෙන් මිණිපේ ප්‍රාදේශීය සභා ගොඩනැගිල්ල ඉදිකර නව බහු කාර්යාල ගොඩනැගිල්ල ස්ථාපිත කිරීමට කටයුතු කරන ලදි.
පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක පුර නැඟුම ව්‍යාපෘතියේ ප්‍රතිපාදන හා මිණිපේ ප්‍රාදේශීය සභා අරමුදල් යොදවා මිණිපේ ප්‍රාදේශීය සභා බහුකාර්ය ගොඩනැගිල්ල ඉදිකිරීමට 2014.03.23 වන ආරම්භ විය . රුපියල් 59,078,700.00 ක මුදලක් වැයකර ඉදිකරන ලද බහුකාර්ය ගොඩනැගිල්ල 2017.08.11 වන දින ජනතා අයිතියට පත් කර ඇත.
මිණිපේ ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරු
|
අනු අංකය |
ගරු සභාපතිවරුන් |
සේවා කාලය |
|---|---|---|
|
01 |
දොන් නන්දසේන කන්නංගර මයා |
1991.06.07 |
|
02 |
එම්.වයි.ජී.එන්.කරුණාතිලක මයා |
1997.04.08 |
|
03 |
එච්.ජී.සේරසිංහ මයා |
2002.04.09 |
|
04 |
එබ්.ඒ.වීරසුරිය මයා |
2006.04.10 |
|
05 |
එබ්.ඒ.වසන්ත ජයසුන්දර මයා |
2011.03.28 |
|
06 |
ඒ.එම්.එස්.බී.අබේසිංහ මයා |
2018.03.22 |
මිණිපේ ප්‍රාදේශීය සභාවේ හිටපු ලේකම්වරු
|
අනු අංකය |
නම |
තනතුර |
සේවා කාලය | |
|---|---|---|---|---|
|
01 |
කේ.ජී.ජිනදාස මයා |
ලේකම් |
1997.01.01 |
1998.03.01 |
|
02 |
ඒ.ඒ.වීරසිංහ මයා |
ලේකම් (වැ.බ.) |
1998.03.02 |
1998.12.10 |
|
03 |
එච්.බී.අලහකෝන් මයා |
ලේකම් |
1998.12.11 |
1999.07.01 |
|
04 |
ඊ.එම්.එස්.එදිරිසිංහ මිය |
ලේකම්(වැ.බ.) |
1999.07.02 |
2000.12.20 |
|
05 |
ඒ.ඒ.වීරසිංහ මයා |
ලේකම් (වැ.බ.) |
2001.01.04 |
2007.12.20 |
|
06 |
කේ.එම්.සුජාතා කුමාරිහාමි මිය |
ලේකම් |
2007.12.04 |
2008.04.01 |
|
07 |
ඊ.එම්.එම්.සී.බී.ඒකනායක මයා |
ලේකම් |
2008.05.01 |
2010.07.15 |
|
08 |
ඩී.එම්.සී.අයි.දිසානායක මයා |
ලේකම් |
2010.07.15 |
|
|
09 |
ඊ.එම්.එම්.සී.බී.ඒකනායක මයා |
ලේකම්(වැ.බ.) |
2008.05.01 |
2010.07.15 |
|
10 |
ඩබ්.ජී.ඩී.කේ.වික්‍රමසිංහ මිය |
ලේකම් |
2015.10.09 |
2018.02.20 |
|
11 |
ඒ.එම්.සී.කේ.අබේසිංහ මෙනවිය |
ලේකම්(වැ.බ.) |
2018.02.21 |
2018.09.27 |
|
12 |
ඩබ්.ජී.ඩී.කේ.වික්‍රමසිංහ මිය |
ලේකම් |
2018.09.28 |
2019.03.21 |
|
13 |
ආර්.එස්.සිසිර කුමාර මයා |
ලේකම් |
2019.03.21 |
2023.04.04 |
|
14 |
එච්.එම්.එන්.චන්ද්‍රසිරි මයා |
ලේකම්(වැ.බ.) |
2023.04.04 |
2025.07.18 |
මිණිපේ ප්‍රාදේශීය සභා ස්ථීර කාර්යය මණ්ඩලය
|
අනු අංකය |
නිලධාරියාගේ නම |
තනතුර |
|---|---|---|
|
1 |
එච්.එම්.එන්.චන්ද්‍රසිරි මයා |
ලේකම් |
|
2 |
පි.පි.ඩි.ඒ.එල්.නිලාශනි මිය |
ආයුර්වේද වෛද්‍ය නිලධාරි |
|
3 |
ආර්.එම්.සී.රත්නායක මිය |
ප්‍රධාන කළමණාකරණ සේවා නිලධාරී |
|
4 |
ඊ.එම්.එන්. මල්කාන්ති මිය |
සංවර්ධන නිලධාරී |
|
5 |
ජී.ජී.එන්.සී.ජයරත්න මිය |
සංවර්ධන නිලධාරී |
|
6 |
එම්.ඒ.සී.ප්‍රියදර්ශනී මිය |
සංවර්ධන නිලධාරී |
|
7 |
වයි.එම්.ජි.ජි.දිසානායක මයා. |
සංවර්ධන නිලධාරී |
|
8 |
ඒ.එම්.එන්.දුෂ්‍යන්ත මයා |
සංවර්ධන නිලධාරී |
|
9 |
එච්.එම්.ආර්.එන්.මොහොට්ටි මයා |
සංවර්ධන නිලධාරී |
|
10 |
එම්.එන්.එම්.සෆ්රාෂ් මයා |
සංවර්ධන නිලධාරී |
|
11 |
එ.ජී.එන්.එස්.රණවීර මිය |
සංවර්ධන නිලධාරී |
|
12 |
එම්.එස්.පී.ඒස්.සේනානායක මයා |
සංවර්ධන නිලධාරී |
|
13 |
ජී.ජී.එම්.ආර්.ජයසිංහ මෙනවිය |
සංවර්ධන නිලධාරී |
|
14 |
ඩි.ජී.ඩි.චන්ද්රාංගනි මිය |
සංවර්ධන නිලධාරී |
|
15 |
ඩබ්.එම්.කේ.කේ.විජේතුංග මිය |
සංවර්ධන නිලධාරී |
|
16 |
ඩි.එම්.ඒ.පි. දිසානායක මිය |
සංවර්ධන නිලධාරී |
|
17 |
එච්.එම්.එච් ප්‍රියදර්ශනි හේරත් මිය |
සංවර්ධන නිලධාරී |
|
18 |
ඒඑ.ඒ්.සී.ඒ්.අබේසිංහ මිය |
සංවර්ධන නිලධාරී |
|
19 |
එච්.එහම්.බී.රත්නියක |
සංවර්ධන නිලධාරී |
|
20 |
කේ.ජී.එන්.යි.කුලරත්න |
සංවර්ධන නිලධාරී |
|
21 |
ඩබ්.එම්.එන්.පී.එල්.විජේකෝන් මයා |
තාක්ෂණ නිලධාරි |
|
22 |
ඊ.එම්.පි.ජි.එන්.යු.කේ.එදිරිසිංහ මිය |
කළමණාකරණ සේවා නිලධාරී |
|
23 |
හංසනී ලක්ෂිකා සුමනසේන මෙනවිය |
කළමණාකරණ සේවා නිලධාරී |
|
24 |
එච්.ඊ.එම්.එස්.අයි.බෝගහලන්ද මිය |
කළමණාකරණ සේවා නිලධාරී |
|
25 |
ආර්.ජි.යු.කේ.ආරියවංශ මයා |
කළමණාකරණ සේවා නිලධාරී |
|
26 |
ආර්.ජී.සී.දිල්රුක්ෂි මිය |
කළමණාකරණ සේවා නිලධාරී |
|
27 |
ජී.එල්.එන්.එස්.කේ. උදයංගනි මිය |
කළමණාකරණ සේවා නිලධාරී |
|
28 |
ආර්.ජි.එස් මුණසිංහ |
කළමණාකරණ සේවා නිලධාරී |
|
29 |
එස්.එම්.ජි. සමරකෝන් මයා |
ආදායම් පරීක්ෂක |
|
30 |
ඩබ්‘එස්‘එස්‘එච්‘වෙලකොනවත්ත මයා |
රියදුරු |
|
31 |
සී.බී.ජී.පී.උපුල් කුමාර මයා |
රියදුරු |
|
32 |
එම්‘ඩබ්‘එස්‘යු‘කුමාර මයා |
විදුලි කාර්මික |
|
33 |
එච්‘එම්‘එස්‘පි‘කරුණාවීර මිය |
ඖෂධ සංයෝජක |
|
34 |
එම්‘වයි‘ඩී‘ආර්‘ශ්රීයන්ති මිය |
කාර්යාල කාර්ය සහයක |
|
35 |
එච්‘ඒ‘ටී‘ටී‘හෙට්ටිආරච්චි මිය. |
කාර්යාල කාර්ය සහයක |
|
36 |
ඩබ්‘ජි‘ආර්‘ඥාණවිමල මයා |
කාර්යාල කම්කරු |
|
37 |
අයි‘ජි'ගුණසේකර මයා |
මාර්ග කම්කරු |
|
38 |
එච්‘එම්‘ජි‘එන්‘බණ්ඩාර මයා |
මාර්ග කම්කරු |
|
39 |
ටි.ජි.ඩි.ටි.රාජපක්ෂ මයා |
මාර්ග කම්කරු |
|
40 |
ආර්.ජි.එල් ජයවර්ධන |
මාර්ග කම්කරු |
|
41 |
ටි‘ජි‘විමල්සිරි මයා |
සනී; කම්කරු |
|
42 |
එච්.ඩබ්.ප්‍රනාන්දු මයා |
සනීපාරක්ෂක කම්කරු |
|
43 |
අයි‘ජි‘එන්‘එස්‘ගුණසේකර මයා |
සෞඛ්‍යය කම්කරු |
|
44 |
කේ‘ජි‘ආනන්ද මයා |
සෞඛ්‍යය කම්කරු |
|
45 |
එම්‘යු‘එම්‘කේ‘ජි‘සිරිමල් බණ්ඩාර මයා |
සෞඛ්‍යය කම්කරු |
|
46 |
පි‘ජි‘සමන් කුමාර රණසිංහ මයා |
සෞඛ්‍යය කම්කරු |
|
47 |
ඩී.එම්.අජිත් කුමාරසිංහ |
ජල කම්කරු |
|
48 |
වයි.ජී.චමින්ද කුමාරසිංහ මහතා |
ජල කම්කරු |
|
49 |
වයි'එම්'එස්' කුමාරිහාමි |
ආයුර්වේද කම්කරු |
|
50 |
යු‘ජි‘එස්‘කේ‘ඩබ්‘ගුණතිලක මයා |
පුස්තකාල සහයක |
|
51 |
ජි‘එන්‘කේ‘ගොඩබැද්දගේ මිය |
පුස්තකාල සහයක |
|
52 |
ඒ.ජී.යූ.ඒ.විජේකෝන් මයා |
පුස්තකාල සහයක |
|
53 |
ජී.එච්.ජී.බී.මැණිකේ |
පුස්තකාල සහයක |
|
54 |
එච්.ඒ.එස්.මධුමාලි |
පුස්තකාල සහයක |
|
55 |
වයි‘එම්‘දසනායක මයා |
කාර්යාල මුරකරු |
|
56 |
ආර්‘ජි‘එන්‘දසනායක මයා |
කාර්යාල මුරකරු |
|
57 |
සුජිත් බුද්ධික පරණවිතාන |
කාර්යාල මුරකරු |
මිණිපේ ප්‍රාදේශීය සභා තාවකාලික පදනම මත බඳවා ගත් කාර්යය මණ්ඩලය
|
අනු අංකය |
නිලධාරියාගේ නම |
තනතුර |
|
|---|---|---|---|
|
1 |
ඩබ්.එම්.එම්.ජි මැද්දුම බණ්ඩා මයා |
මාර්ග කම්කරු |
දෛනික පදනම |
|
2 |
ටි.එච්. පුෂ්ප කුමාර මයා |
සෙෘඛ්‍ය කම්කරු |
දෛනික පදනම |
|
3 |
ඩබ්.ජි.ජේ.එස්. රාජපක්ෂ මයා |
මාර්ග කම්කරු |
දෛනික පදනම |
|
4 |
අයි.ජි.ඒ.මධුරංග ඒකනායක මයා |
සෙෘඛ්‍ය කම්කරු |
දෛනික පදනම |
අප අමතන්න
මිණිපේ ප්‍රාදේශීය සභාව,
හසලක
ශ්‍රී ලංකාව
psminipe@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 552 257767
WhatsApp
Facebook
