මිණිපේ ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා වශයෙන් බී.එම්. රන්ජන බණ්ඩාර ගුණරත්න මහතා සහ නව උප සභාපතිවරයා වශයෙන් එච්.ජී. අනිල් සේරසිංහ මහතා තේරී පත්විය.
මිණිපේ ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා තෝරා පත්කර ගැනීම මධ්‍යම පලාත් පාලන කොමසාරිස් ඒ්.එම්.කේ.සී.කේ අතපත්තු මහත්මියගේ ප්‍රධානත්වයෙන් 2025 ජූනි 13 වන දින පෙරවරුවේ මිණිපේ ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණු අතර, මේ සඳහා මෙවර පලාත් පාලන මැතිවරණයෙන් තෝරා පත්කරගත් සහ තෝරා එවා ඇති සභික නියෝජිත මහත්ම මහත්මීහු 23 දෙනෙක් සහභාගී වූ හ.
මෙම සභික මහත්ම මහත්මීන් 23 දෙනා ජාතික ජන බලවේගය, සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ, එක්සත් ජාතික සංධානය සහ සර්වජන බලය යන දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් නියෝජනය කරනු ලබන අය වෙති.
නව සභාපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා බී.එම්.රන්ජන බණ්ඩාර ගුණරත්න සහ ඊ.ඩබ්. සනත් බණ්ඩාර ඒ්කනායක යන මහත්වරුන්ගේ නම් යෝජනා වූ අතර, එහි දී පැවති විවෘත ඡන්ද විමසීමේ දී බී.එම්. රන්ජන බණ්ඩාර ගුණරත්න මහතාට ඡන්ද 12ක් ද, ඊ.ඩබ්. සනත් බණ්ඩාර ඒ්කනායක මහතාට ඡන්ද 10ක් ද ලැබුණු අතර, එක් සභික නියෝජිත මහත්මයෙක් (සර්වජන බලය) ස්වකීය ඡන්දය ලබා දීමෙන් වැළකී, තමන් ස්වාධීන වන බව පැවසී ය. ඒ් අනුව වැඩි ඡන්ද 2කින් ජයග්‍රහණය ලැබූ බී.එම්.රන්ජන බණ්ඩාර ගුණරත්න මහනා නව සභාපතිවරයා ලෙස තේරී පත් විය.

උප සභාපතිවරයා තොරා පත්කර ගැනීමේ ඡන්දයේ ද එච්.ජී. අනිල් සේරසිංහ මහතාගේ නම සහ කේ.ජී.ජී.නිශාන්ත කරුණාරත්න යන මහත්වරුන්ගේ නම් යෝජනා වූ අතර, පැවති විවෘත ඡන්ද විමසීමේ දී එච්.ජී.අනිල් සේරසිංහ මහතාට ඡන්ද 12ක් ද, කේ.ජී.ජී. නිශාන්ත කරුණාරත්න මහතාට ඡන්ද 10ක් ද වශයෙන් හිමි විය. ඒ් අනුව වැඩි ඡන්ද 02කින් ජයග්‍රහණය ලැබූු එච්.ජී. අනිල් සේරසිංහ මහතා නව උප සභාපතිවරයා ලෙස තේරී පත් විය.
මෙම ඡන්ද විමසීමේ කටයුත්ත සඳහා මධ්‍යම පලාත් පාලන කොමසාරිස් ඒ්.එම්.කේ.සී කේ. අතපත්තු මහත්මිය ද , සහකාර පලාත් පාලන කොමසාරිස් ඒ්.ඩබ්.ජී.එල්.අත්තනායක මහත්මිය ඇතුළු එම ආයතනයන්හි නිලධාරී මහත්ම මහත්මීන් සහභාගී වූ අතර, මිණිපේ ප්‍රාදේශීය සභා ලේකම් නිමල් චන්ද්‍රසිරි මහවත්ත මහතා ඇතුළු එම කාර්යාලයේ කාර්යය මණ්ඩලය ද සිය සහයෝගය දැක්වූ හ.
මිණිපේ ප්‍රාදේශීය සභාව සිය මහජන සේවා පුළුල් සහ කාර්යක්‍ෂම කිරීමේ හා බල ප්‍රදේශයේ ආගමික , සමාජීය ,සංස්කෘතික ,සංචාරක ආදී තොරතුරු ජනගත කිරීමේ අරමුණින් සිය වෙබ් අඩවිය අන්තර්ජාලයට මුදා හැරේ. මෙම ජනගත කිරීම 14 වෙනි දින පෙරවරුවේ මහනුවර දිස්ත්‍රික් පළාත් පාලන සහකාර කොමසාරිස් ලක්මාලි අත්තනායක මහත්මිය අතින්, මිනිපේ ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේ දී සිදු කෙරිණි.
www.minipe.ps.gov.lk යන විද්‍යුත් සබැඳියාවෙන් මෙම වෙබ් අඩවියට පිවිසිය හැකි අතර ,බල ප්‍රදේශයේ ජන ගැටළු , අවශ්‍යතා සහ දුෂ්කරතා පිළිබද පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා ප්‍රවේශයක් ද සකසා දී ඇති අතර , වරිපනම් ඇතුළු සභාව වෙත සිදු කළ යුතු ගෙවීම් විද්‍යුත් ක්‍රමවේදය ඔස්සේ කිරීමේ හැකියාව ද මෙතුළින් අවකාශ සලසා දී ඇත.
ප්‍රධාන සහ පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් මධුපානි පියසේන සහ පළාත් පාලන කොමසාරිස් චමිලා අතපත්තු යන මහත්මීන් ගේ උපදෙස් පරිදි ,රාජ්‍ය සේවාවන් ඩිජිටල්කරණය කිරීමේ වැඩසටහනට සමගාමිව මෙම වෙබ් අඩවිය එළිදැක්වීම සිදු කෙරෙණි.
2025 ජගත් කාන්තා දිනයට සමගාමී ව මිනිපේ ප්‍රාදේශීය සභාව විසින් සංවිධානය කරනු ලැබූ සැමරුම් වැඩසටහන පසුගිය දින (10) මිණිපේ ප්‍රාදේශීය සභා පරිශ්‍රයේදී පවත්වනු ලැබී ය. ප්‍රාදේශීය සභා ලේකම් එච්.එම්.එන්. චන්ද්‍රසිරි මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාවට නංවන ලද මෙම වැඩසටහන මහජන බැංකුවෙහි සත්කාරකත්වයෙන් සහ අනුග්‍රාහකත්වයෙන් ක්‍රියාත්මක කෙරිණි.
කාන්තා භූමිකාවේ ගෞරවනීය බව සහ ඒ හා බැඳී වගකීම් සමුදාය ඉස්මතු කරමින් පැවති මෙම රසාලිප්ත වැඩසටහනෙහි රසවින්දනාත්මක හරවත් දේශනය මිණිපේ ප්‍රාදේශීය සභා ලේකම් එච්.එම්.එන්. චන්ද්‍රසිරි මහතා විසින් සිදුකරනු ලැබී ය.
මෙම අවස්ථාවට මහජන බැංකු හසලක ශාඛාවෙහි අලෙවි ප්‍රවර්ධන නිලධාරී මහතා ඇතුළු මිණිපේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, මිණිපේ ප්‍රාදේශීය සභාව ඇතුළු සෙසු රාජ්‍ය ආයතන නියෝජනය වන පරිදි නිලධාරී මහත්ම මහත්මීන් රැසක් සහභාගී වූ හ.
කාන්තා දින සැමරුම් වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා නන් අයුරින් සහයෝගය දැක් වූ හසලක මහජන බැංකු ශාඛාවේ කලමණාකාරීත්වය ඇතුළු සෙසු රාජ්‍ය ආයතනයන්ගේ නිලධාරී මහත්ම මහත්මීන් හට මිණිපේ ප්‍රාදේශීය සභාවේ ගෞරවනීය ස්තූතියි පුදකර සිටින්නෙමු.
මිණිපේ ප්‍රාදේශීය සභාවෙහි 2024 අයවැය ප්‍රතිපාදනයන් යටතේ "කාන්තා හා ළමා සුබසාධනය" අරමුණු කොටගනිමින් ගර්භණී මවුවරුන් හට අවශ්‍ය ද්‍රව්‍ය හා උපකරණ බෙදා දීමේ වැඩසටහනක් පසුගියදා(09) මාලිගාපතන මහජන පුස්තකාලයේ දී ක්‍රියාත්මක කෙරිණි.
මොරයාය සහ හඳගනාව ග්‍රාම සේවා වසම් කේන්ද්‍ර කොට ගනිමින් අදාළ ග්‍රාම නිල ධාරී මහත්ම මහත්මයින්ගේ ද සහායෙන් හඳුනාගත්, අඩු ආදායම්ලාභී ගර්භණී මව්වරුන් සඳහා බිළිඳු උපතේදී අත්‍යවශ්‍ය උපකරණ බෙදා දීමේ මෙම වැඩසටහන මිණිපේ ප්‍රාදේශීය සභා ලේකම් එච්.එම්.එන්.චන්ද්‍රසිරි මහතාගේ මූලිකත්වය සහ උපදේශකත්වය ඔස්සේ ක්‍රියාවට නැංවිණ.
මෙම කටයුත්ත සඳහා අවශ්‍ය සහයෝගය ලබාදෙමින් අප හා අත්වැල් බැඳගත් ඔබට මිණිපේ ප්‍රාදේශීය සභාවෙහි අප කෘතඥ පූර්වක වන්නෙමු....
මිණිපේ ප්‍රාදේශීය සභාව,
හසලක
ශ්‍රී ලංකාව
psminipe@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 552 257767
WhatsApp
Facebook